Skip to main content

Posts

Showing posts from December, 2019

Linux මෙහෙයුම් පද්දතියක වාසි.

Linux මෙහෙයුම් පද්ධතියක් පරිශීලනය කරන කෙනෙක්ට තියන විශේෂ වාසි අපි මේ ලිපියෙන් සාකච්චා කරමු. 1. Linux සම්පුර්ණයෙන්ම නොමිලේ. කලින් ලිපියේ  කිව්වා වගේ Linux Download කරගන්නවත්, පාවිච්චි කරන්නවත් අපි සල්ලි ගෙවන්න ඕන නෑ. 2. වෛරස් වලින් නිදහස්. Linux පාවිච්චි කරනවා නම් වෛරස් ගැන පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ. Linux පරිශීලක වරප්‍රසාද (User privileges) හොදින් කළමනාකරණය කරනවා.  ඒ වගේම කලින් ලිපියෙ කිව්වා වගේ ලොව පුරා වීශාල පිරිසක් එකතු වෙලා තමයි Linux Distribution එකක් හදන්නේ. මේ නිසා Bugs ,Security Threats ඉක්මනින් හොයාගෙන ඒවාට update නිකුත් කරනවා. 3. භාවිතයේ පහසුව. ගොඩක් අය අතර තියන මතයක් තමයි Linux වල වැඩ කරන්න නම් පරිගණක ගැන ලොකු දැනුමක් තියන කෙනෙක් වෙන්න ඕනි, කියන එක. ඒක වැරදි මතයක්. 90 දශකයේ තිබ්බ Linux වලට වඩා දැන් Linux ගොඩක් User Friendly වෙලා තියනවා. පරිගණක පිළිබද මුලික දැනුමක් නැති කෙනෙකුට උනත් Windows තරම්ම පහසුවෙන් Linux එක්ක වැඩ කරන්න පුළුවන්. 4. අභිරුචිකරණය (Customization) Linux සදහා Themes,Icons විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් නොමිලේ Download...

මොකක්ද මේ Linux කියන්නෙ?

Linux කියන්නෙ kernel එකක්. මේ kernel එක භාවිතා කරල හදපු මෙහෙයුම් පද්දති වලට අපි Linux OS/ Linux Distributions  කියල කියනව. මේව ඕන කෙනෙක්ට නොමිලේ අන්තර්ජාලයෙන් download කරගන්න පුලුවන්. ඒ වගේම kernel එකත් ඕන කෙනෙක්ට download කරගන්න,Edit කරන්න පුලුවන්.  මේ හින්ද අපි කියනව Linux open source කියල Kernel එක කියන්නෙ මොකක්ද? මෙහෙයුම් පද්දතියක Kernel එකෙන් කරන්නෙ පරිගණකයේ  Hardware(Keyboard ,Mouse ,CPU ,RAM ) සහ Software/User  අතර සම්බන්ධතාවය ගොඩනැගීම. Kernel වර්ග කිහිපයක් තියනව. මේ පිළිබද පසුව ලිපියක් බලපොරොත්තු වන්න. මේ kernel එක download කරගත්තට පස්සෙ අපිට පුලුවන් අපේම Linux distribution එකක් හදන්න. Linux Distribution එකක් කියන්නෙ Linux kernel එක සහ application,utility Software වල එකතුවක්. ඒ වගේ Linux distribution වලට උදාහරණ ටිකක් තමයි මේ තියෙන්නෙ. මේ හැම Distribution එකකටම වෙනස් අරමුණු සහ ඉලක්කයන් තියනව. උදා :- Slackware - server පරිගණක සදහා. LinHES - Home entertainment system සදහා. Bio-Linux - ජීව විද්‍යාත්මක පරීක්ශන සදහා. Kali Linux - ethical hacking සහ ...