Linux Terminal හැදින්වීම. අන්තර්ගතය Terminal යනු කුමක්ද? Terminal Emulator. Terminal/CLI භාවිතා කල යුතු අවස්ථා. මූලික විධාන උදාහරණ. Terminal යනු කුමක්ද? ටර්මිනලය යනු පරිගණක පද්ධතියකින් ආදාන සහ ප්‍රතිදාන දත්ත සඳහා භාවිතා කරන විද්‍යුත් උපාංගයකි. එය මෘදුකාංගයක් නොවේද? Terminal Emulator. අද අපි භාවිතා කරන්නේ පැරණි භෞතික ටර්මිනල වල මෘදුකාංග නිරූපණයන් ය. අපි මේවා හඳුන්වන්නේ Terminal Emulator ලෙසයි. මෙය CLI (විධාන රේඛා අතුරුමුහුණත) ලෙසද හැඳින්වේ. උදා: - - GNOME Terminal konsole xterm Terminal/CLI භාවිතා කල යුතු අවස්ථා. වර්තමානයේ බොහෝ මෙහෙයුම් පද්ධති වල GUI (චිත්‍රක පරිශීලක අතුරුමුහුණත) ඇත. GUI සමඟ ඔබේ පරිගණකයේ ඕනෑම දෙයක් කළ හැකිය. GUI හා CLI අතරින් පරිශීලකයන් සඳහා හොඳම අතුරුමුහුණත කුමක්දැයි යමෙකු ප්‍රශ්නයක් ඇසුවොත්, මගේ පිළිතුර වන්නේ "මම ඒ දෙකටම කැමතියි" යන්නයි. CLI හට කළ නොහැකි සහ GUI හට කළ හැකි කාර්යයන් තිබේ. GUI හට කළ නොහැකි...
Linux මෙහෙයුම් පද්ධතියක් පරිශීලනය කරන කෙනෙක්ට තියන විශේෂ වාසි අපි මේ ලිපියෙන් සාකච්චා කරමු. 1. Linux සම්පුර්ණයෙන්ම නොමිලේ. කලින් ලිපියේ කිව්වා වගේ Linux Download කරගන්නවත්, පාවිච්චි කරන්නවත් අපි සල්ලි ගෙවන්න ඕන නෑ. 2. වෛරස් වලින් නිදහස්. Linux පාවිච්චි කරනවා නම් වෛරස් ගැන පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ. Linux පරිශීලක වරප්‍රසාද (User privileges) හොදින් කළමනාකරණය කරනවා. ඒ වගේම කලින් ලිපියෙ කිව්වා වගේ ලොව පුරා වීශාල පිරිසක් එකතු වෙලා තමයි Linux Distribution එකක් හදන්නේ. මේ නිසා Bugs ,Security Threats ඉක්මනින් හොයාගෙන ඒවාට update නිකුත් කරනවා. 3. භාවිතයේ පහසුව. ගොඩක් අය අතර තියන මතයක් තමයි Linux වල වැඩ කරන්න නම් පරිගණක ගැන ලොකු දැනුමක් තියන කෙනෙක් වෙන්න ඕනි, කියන එක. ඒක වැරදි මතයක්. 90 දශකයේ තිබ්බ Linux වලට වඩා දැන් Linux ගොඩක් User Friendly වෙලා තියනවා. පරිගණක පිළිබද මුලික දැනුමක් නැති කෙනෙකුට උනත් Windows තරම්ම පහසුවෙන් Linux එක්ක වැඩ කරන්න පුළුවන්. 4. අභිරුචිකරණය (Customization) Linux සදහා Themes,Icons විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් නොමිලේ Download...